නගරයේ පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු
ලබන කසළප්රරතිචක්ක්රීකරණ මධ්‍යස්ථානය තුළ ගොඩ ගසා ඇති කුණු ගොඩේ භාවිතකර ඉවත් කළ, CFL බල්බ් විශාල සංඛ්‍යාවක් විය. මේ කුණුගොඩ සමඟ දවස ගෙවන කම්කරු මහතුන්ගෙන් මෙම CFL බල්බවලට කුමක් කරන්නේ දැයි විමසූ විට ඔවුන් කියා සිටියේ කරන්න දෙයක් තමන් නො දන්නා බැවින් තැන් තැන්වල ගොඩ ගසා තබන බවයි. එවිට මා හට සිහි
වූයේ මාගේ නිවසේ මුල්ලක පෙට්ටියක දමා එවැනි ඉවත් කළ CFL බල්බ දහයක් පහළොවක් පමණ ඇති බවයි. ඒවාට කරන දෙයක් මම ද නො දනිමි.
කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CFL
බල්බයක් එය සිසිල් වන්නට පළමු නො සැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේ දී රත් වී තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර,
බල්බයේ තිබුණු රසදිය වාෂ්පය
තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගේ පාදයක් කැපිණ. අනතුරු ව රෝහල්
ගත කෙරුණූ ඔහු හට සති කිහිපයක් ම යන තෙක් දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර කරන්නට සිදු වූ අතර,
ඉනුත් මාස ගණනාවක් යන තෙක්ම ම අසරණයාගේ පාදයේ ඇති වී තිබුණු තුවාලයෙන් මස් කුණු වී, දිය වී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තෙක් ඔහුට රෝහලේ සිටින්නට සිදු විය.
බලශක්ති සංරක්ෂණය කර ගැනීමේ, විදුලි බිල ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී
හරිත නිෂ්පාදනයක් ලෙස මෙම CFL
බල්බ ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින අතර,
ලොව ඇතැම් රටවල් සාම්ප්‍රදායික බල්බ භාවිත කිරීම
තහනම් කරමින්, CFL බල්බ භාවිතය අනිවාර්යය කරමින් නීති
රෙගුලාසි පණවමින් ද සිටී.වසරින් වසර නිවෙස්
තුළ, කුණුගොඩන් තුළ, පාරේ තොටේ, ගංගා ඇළ දොළවල් තුළ එකතු වෙන භාවිත කර ඉවත් කළ CFL බල්බවලට කළ යුතු දේ, නො එසේ නම් ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කරන්නේ
කෙසේ දැයි ඒවා අළෙවි
කරන්නන් (මෙම බල්බ හරියට ම වගකීමේ කාලය ඉක්ම ගිය වහාම දැවී යන ලෙස නිෂ්පාදනය
කරන්නට
වග බලා
ගත්ත ද) හෝ කිසිදු බලධාරියෙකු අපට කියා නො දෙන බැවින් වත්මන් සමාජය මදි නොකියන් අත්විඳින පාරිසරික හා සෞඛ්‍ය ගැටලූවලට අමතරව
තවත් ගැටලූවක් බවට පත් වන්නට පෙරාතුව මේ පිළිබඳව
අවධානය
යොමු කිරීම මැනවැයි සිතමි.
0 comments:
Post a Comment