ලොව
පුරා බොහෝ දෙනෙක් පසුගිය කාලය පුරාම මොකද්ද හොඳම WiFi Router එක කියල නිතරම Google හි හොයල තියනවා. ඒක හින්දම Google
සමාගම අලුතෙන්ම
හඳුන්වාදෙන නිර්මාණය වෙන්නේ OnHub. මේ Router එක අමුතු හැඩයකින් තමා හදල තියෙන්නේ.. තවත් විශේෂ
දෙයක් තමයි මෙහි ක්‍රියාකාරීත්වය Android හෝ iOS භාවිතා කරන්නන්ට App එකකින් දැනගන්න පුළුවන් වීම. ඒ වගේම එක් එක් උපාංග
කුමන වේගයකින් සම්බන්දතාවය පවත්වගන්නවද කියලත් මේ App එක මහින් දැනගන්න පුළුවන්....
Google සමාගම කියන විදිහට මෙයට සිලින්ඩරාකාර පෙනුමක් දීල තියෙන්නෙ Router
එකෙන් නිකුත් කරන Wi-Fi
තරංග සෑම කලාපයකටම
බෙදාහරින්න පහසු වීමට. මෙහි ඇති අලංකාර නිමවා නිසා නිවසේ ඕනෑම තැනක
විසිතුරු භාණ්ඩයක් විදිහට උනත් තියන්න පුළුවන්. Google සමාගම මෙම Router එකට අනවශ්‍ය විදිහට වයර් සම්බන්ද කිරීමෙන් සහ
අනවශ්‍ය බල්බ එක් කිරීමෙන් වැලකිලා තියනවා. ඒ වෙනුවට අවශ්‍ය සියල්ල සැලසුම් සහගතව
ඇතුල්කර නිමවලා තියනවා. ඒ වගේම සංඥා එලි ඉතාමත් උචිත විදිහට එකතුකරලා තියනවා. මේ Device
එක නිර්මාණය කරලා
තියෙන්නේ ප්‍රසිද්ද TP Link සමාගම සමග ඒකාබද්ද වෙලාලු. ඒ වගේම මේහි ඇන්ටනා
13ක් ඇති අතර 802.11ac සහ 5GHz Wi-Fi වලට සහය දක්වනවා. මෙයට Bluetooth
හරහාද සම්බන්ද වෙන්න
පුළුවන්.
About Me
Popular Posts
-
විවිධ වෙබ් අඩවිවල නවතම තොරතුරු දැනගැනීමට ඔබට RSS බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැක. වෙබ් අඩවිවල නවතම ත...
-
ඔන්න ඉතින් උණු උණුවෙම 2016 උසස්පෙළ ප්‍රතිඵල නිකුත්වෙලා තියනවා. Web Site එකට යන්න මෙතන Click කරන්න. ඒ උනාට ඉක්මනින් බලාගන්න විදිහක් නැ...
-
නගරයේ පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන කසළප්රරතිචක්ක්රීකරණ මධ්‍යස්ථානය තුළ ගොඩ ගසා ඇති කුණු ගොඩේ භාවිතක...
-
ලොව පුරා බොහෝ දෙනෙක් පසුගිය කාලය පුරාම මොකද්ද හොඳම WiFi Router එක කියල නිතරම Google හි හොයල තියනවා. ඒක හින්දම Goo...
-
Hybrid යනු දෙමුහුන් යන අරුතයි. මේ ලිපියෙන් අද ඔයාලට කියන්න යන්නේ Hybrid Hard Drive ගැන. දැනට ලෝකයේ භාවිතා කරන Hard drive වර්ග ද...
0 comments:
Post a Comment