Hybrid Hard Drive




Hybrid යනු දෙමුහුන් යන අරුතයි. මේ ලිපියෙන් අද ඔයාලට කියන්න යන්නේ Hybrid Hard Drive ගැන.

දැනට ලෝකයේ භාවිතා කරන Hard drive වර්ග දෙකකි. 

  1.    Mechanical Hard Drive  හෙවත් චුම්බක තැටි සහිත දෘඩ තැටි.
  2.    Solid Slate Drives හෙවත් SSD දෘඩ තැටි යන වර්ගයයි.


SSD හා සාම්ප්‍රදායික දෘඩ තැටි වල එකිනෙකට ආවේනික ප්‍රබලතා හා දුබලතා දැකගත හැකිය. සාම්ප්‍රදායික දෘඩ තැටි වේගය හා කල්පැවැත්ම අතින් SSD තැටිවලට පරාජය වුවද 256GB SSD තැටියක් ලබාගන්නා මිලට 2TB හෝ 3TB සාම්ප්‍රදායික හාඩ් ඩිස්කයක් මිලට ගත හැකිය.

බොහෝ දෙනා කරන්නෙ අඩු මිලට විශාල ප්‍රමාණයේ චුම්බක තැටියක් හා සාමාන්‍ය ප්‍රමාණයේ SSD තැටියක් මිලට ගෙන සාම්ප්‍රදායික දෘඩ තැටියේ Photos,Videos හා වේගය අත්‍යවශ්‍ය නොවන දත්ත ගබඩා කරන අතර SSD තැටියේ Program files, Drivers හා අනෙකුත් වේගය අත්‍යවශ්‍ය වන දත්ත ගබඩා කර තැබීමට යොදා ගනිති. කෙසේ වුවද එක් එක් තැටියට අදාළ දත්ත ගබඩා කිරීම පරිශීලකයා විසින්ම ක්‍රමානුකුලව තෝරා බලා සිදුකල යුතුය.

Hybrid Hard Drives හෙවත් දෙමුහුන් දෘඩ තැටි යනු SSD  මතකයක් සහිත සම්ප්‍රදායික චුම්බක දෘඩ තැටි විශේෂයකි. මෙය පරිගණකයට සම්බන්ද කල විට එකම දෘඩ තැටියක් ලෙස පෙන්වයි.  මෙහි චුම්බක තැටි මතකය ඔබේ දත්ත ගබඩා කිරීම සදහාද SSD  මතකය ඔබේ මෙහෙයුම් පද්දතිය Drivers  හා තාවකාලික දත්ත ගබඩා කල හැකි දෙවන RAM එකක් හෙවත් Cache මතකයක් ලෙස ක්‍රියා කරයි.

   මෙහිදී වෙනස්කමක් ලෙස දැක්විය හැක්කේ දත්ත ගබඩා කරනු ලබන ආකාරයයි. අදාළ දත්ත ගබඩා කල යුත්තේ චුම්බක තැටියේ ද නැතහොත් SSD මතකයෙහි ද යන්න පරිශීලකයට තීරණය කල නොහැක. එය තීරණය කරනු ලබන්නේ දෘඩ තැටියේ ඇති පාලක මෘදුකාංගයයි.

      ඔබේ පරිගණකයට දෙමුහුන් දෘඩ තැටියක් සවිකිරීම සැබැවින්ම එහි වේගය වැඩි කරවන අතර දත්ත ගබඩාකරණය පිළිබඳ ඔබට කරදර වීමට අවශ්‍ය නැත.

කෙසේ වුවත් චුම්බක තැටියක විශාලත්වයත් සමග එහි SSD තැටිය විශාල නොවීම දෙමුහුන් දෘඩ තැටි වල එක් දුබලතාවයකි . උදාහරණ ලෙස 2TB දෙමුහුන් තැටියක SSD මතක ඇත්තේ 8GB තරම් සුළු ප්‍රමාණයකි. කෙසේ නමුත් SSD හි ඉහල මිල සමග සලකන විට මෙම පිළියම ඉතා ප්‍රමාණවත් බව නම් පැවසිය හැකිය.

CONVERSATION

0 comments:

Post a Comment